අනුභුතිවාදයIZz8mO GQ062.20xp 1rjc12ct Bb5E
අනුභුති හේතුව හා ඵලය අතර අවශ්‍ය සම්බන්ධයක් නොපෙනේ. හෙවත් එක් සිද්ධියක් මුලින් ඇතිවේ, ඊට පසුව තවත් සිද්ධියක් ඇතිවේ. අපේ අනුභූතියට ප්‍රත්‍යක්ෂ වන්නේ එපමණකි. එම සිද්ධි දෙක අතර අවශ්‍ය සම්බන්ධයක් ඇත්තේ යැයි අපි සිතන්නේ නම් එය හුදු මනඃකල්පිතයක් පමණි.
ආත්මයක් තිබේදැයි බැලීමට 'අන්තර් අවලෝකනය' හෙවත් අපේ සිත තුළටම නැඹුරු වී බැලිය යුතුය. එසේ බැලූවිට අදහස් සිතුවිලි හා විවිධ චිත්තරූප ආදියට අමතරව යමක් නොපෙනේ. එහෙයින් ආත්මයක් නැත.
ද්‍රව්‍යයන් වැනි දේ අපේ අනුභූතියට ලක් නොවේ. අපට ප්‍රත්‍යක්ෂ වන්නේ ලක්ෂණ සමූහයක් පමණි. මලක සුවද වැන්නක් අනුභූතියෙන් තොරව පැවැතිය නොහැක. ඒවා පවතින්නේ ප්‍රත්‍යක්ෂ කරන විට පමණි. අපේ අනුභූතියෙන් පිටස්තර වූ ලෝකයක් මේ නිසා තිබිය නොහැක. "ද්‍රව්‍ය යනු සැබැවින්ම අදහස් රාශියක එකතුවක් පමණකි.
ඒ අනුව බාහිර ලෝකයක් කියා දෙයක් පවතින්නේ කෙනෙකුගේ මනසෙහි පමණක් යැයි නිගමනය වේ.